top of page
< Back

KALPAGE SHALINI NAWODA ABEYSINGHE

හසමි සංචාරය පළමු දිනය

            හසමි සංචාරය          පළමු දිනය  

    2024.08.26



නගසකි කෙටි කාලීන විශ්වවිද්‍යාලයේ ශිශ්‍යාවක්  වන මම අගෝස්තු මාසයේ 26 වන දින වසර 400ක් පමන පැරනි හසමි නගරයේ මැටි භාණ්ඩ නිශ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට ගිය අතර එහිදී ලැබූ අදහස් හා අත්දැකීම් පහත් පරිදි වේ.


  • කර්මාන්තශාලාවේ සංචාරය






අප ශ්‍රී ලංකාවේ මැටි භාණ්ඩ නිශ්පාදනය කරනු මා දැක ඇත්තේ මිනිසුන් දෑත් උපයෝගී කරගෙන යන්ත්‍ර සූත්‍ර ආධාර නොකරගෙනය.ජපානයේදී මා ප්‍රථම වරට යන්ත්‍ර සූත්‍ර මගින් මැටි භාණ්ඩ නිශ්පාදනය කරනු දුටුවෙමි.එමෙන්ම එහි අලංකාරත්වය වැඩි කරන මෝස්තර පවා නිම වන්නේ යන්ත්‍ර ආධාරයෙන් නිසා ඉතා කාර්‍යක්ශම සේවාවක් ලෙස මා දුටු අතර මේ මගින් කාලය හා ශ්‍රමය වැය වන්නේ ඉතා අඩුවෙන් වුවද නිශ්පාදනය වන ප්‍රමාණය ඉහලය.යන්ත්‍ර සූත්‍රවල ශබ්දය නොමැතිනම් මෙවන් ස්ථානයක සේවය කිරීමට ඇතිනම් යන සිතුවිල්ල මට ඇති වුනි.මෙය මා හට සියැසින් දැක ගැනීමට හැකි වූයේ මෙම අවස්ථාවට සහභාහී වීමට හැකි වූ බැවිනි.




පීසා සෑදීම


පසුව අපි හට ජපානයේ පීසා සාදන ස්ථානයකට ගොස් පීසා සෑදීමට හැකියාවක් ලැබුන අතර එයට යන අතර මගදී ශ්‍රී ලංකාවේ නිතර දැකිය හැකි කෙසෙල් ශාඛ දැක ගැනීමට හැකි විය.ජපානයට පැමින පලමු වතාවට කෙසෙල් ගස් දුටුවෙමි.පීසා සාදන ආකාරය මුල් වරට දුටුවෙමි.පිසා ඩෝ එක මෙන්ම ඉන් අනතුරුව ක්‍රමානුකූලව පීසා සෑදෙන ආකාරය අපට දැක ගැනීමට ලැබුනු අතර එය ජීවිතයට විශාල අත්දැකීමක් විය.එහිදී අප හට නොතේරෙන පුංචිම දෙය පවා එතන සිටි වයසක යුවල විසින් සවිස්තරාත්මකව කියා දුන් නිසා පහසු විය.එමෙන්ම එය ඉතාම රසවත් විය.




මැටි භාණ්ඩ සෑදීම






අනතුරුව අප නැවත මැටි කර්මාන්තශාලාවට පැමිණ මැටි භාණ්ඩ සෑදුවෙමි.ජීවිතයේ පලමු වතාවට ජපානයේදීම මැටි භාණ්ඩයක් සෑදුව දෙය මහත් භාග්‍යකි.එහිදී තේරුම් ගිය එක දෙයක්නම් යන්ත්‍ර ඇති දෙය කොච්චර නම් වටිනවාද යන්නය.මන්ද යත් අතින් භාණ්ඩ සාදන විට ඉතාමත් තෙහෙට්ටුය.තවද දෑත් විනාශ වීමටද පටන් ගනී.

එහිදී මා විසින් වතුර පානය කිරීමට කෝප්පයක් සෑදුවෙමි.ප්‍රථම වතාවට මැටි භාන්ඩයක් නිරමානය කල වුවද සේවකයින්ගේද සහය ඇතිව අලංකාව නිර්මාණය කර ගැනීමට හැකි විය.


එසේ සියල්ල සිදු කර අවසානයේ සියල්ල සියලු දෙනා සතුටින් නැවත නිවෙස් වෙත පැමිනියෙමු.



Report

​レポート言語:        

ミャンマー語

© 2025 Craft Kyushu

bottom of page