top of page
< Back

KARUNA DEWAYALAGE THILINI MADUSHANI WEERAKOON

හසමි කුඹල් ගමේ සුන්දර දවසක්

හසමි කුඹල් ගමේ සුන්දර දවසක්


   හසමී යනු කියුෂූ දූපතේ නාගසකි ප්‍රාන්තයේ පිහිටා ඇති කුඩා නගරයකි. සසෙබො සිට කිලෝමීටර් තිස්තුනක පමණ දුරින් පිහිටා ඇති මේ නගරයට බසයෙන් මෙන්ම දුම්රියදකද ගමන් කිරීමේ හැකියාවක් පවතී.හසමි නගරය ජපානයේ මෙන්ම මුළු මහත් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉතා අලංකාර මැටි බඳුන් සහ සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙනි.පළමු පෝසිලේන් 1610 දී පමණ සාදන ලද බව කියනු ලබන අතර නිෂ්පාදනය වසර 400 කට වැඩි කාලයක් අඛණ්ඩව සිදුවූබව කියනු ලැබේ . එමෙන්ම ලෝකයේ විශාලතම කඳු නැගීමේ පෝරනුවේ නිවහන වන්නේ ද හසමි නගරයයි.


  එඩෝ යුගයේ (1603-1868) අවසාන භාගය වන විට හසාමි ජපානයේ විශාලතම පෝසිලේන් නිෂ්පාදනය කරනු ලබන නගරය බවට පත් විය. හසමි ජපානයේ වැඩිපුරම නිපදවන පෝසිලේන් බවට පත්වීමට හේතුව වන්නේ කුරවංක බඳුන් ය.


   මා විසින් සිදු කරන ලද සංචාරයේදී දක්නට ලැබුණු සුවිශේෂී කාරණය වන්නේ හසමී යනු ඉතා සාමකාමී නිහඬ නගරයක් වීමයි. එමෙන්ම නගරයේ මිනිසුන් ඉතා යුහුසුළුව ආශාවෙන් යුතුව මෙම සෙරමික් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටි ආකාරයද දක්නට ලැබුණි.

   එදින එකී ගම්මානයට යාමෙන් අනතුරුව සෙරමික් ක්‍රියාවලියේ ඉතිහාසය පිළිබඳ දේශනාවකට සවන් දීමේ අවස්ථාව ලදිමි. අනතුරුව සෙරමික් කර්මාන්ත ශාලාවකට ඇතුළු වී එකී නිෂ්පාදන ක්‍රියාවලිය මුල සිට අවසන් වනතුරුම මාගේ දෑසින් දැක බලා ගැනීමේ අවස්ථාවද මා හට උදා විය.


ree


 ඉන් අනතුරුව අප සියලු දෙනා පීසා සකස් කිරීමේ ස්ථානයට ගියෙමු. එහිදී මා ජීවිතයේ පළමුවරට ඉතා විශාල දරපෝරණුවක පීසා නිපදවන ආකාරය දැක බලා ගත්තෙමි. එමෙන්ම මාගේ දෑතින් පීසා එකක් සකස් කර එය භුක්ති විඳීමේ අවස්ථාවද ලබා ගත හැකි විය. එම පීසා සකස් කරන ආකාරය සහ පුළුස්සා ගන්නා ආකාරය ජපන් ජාතිකයන් විසින් ඉතා පැහැදිලිව කියා දුන්නේය.


ree
ree

  අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව නැවත වතාවක් සෙරමික් කර්මාන්ත ශාලාවට අප පැමිණියෙමි. හවස් භාගයේ අප සියලු දෙනා සක පෝරුවක් ආධාරයෙන් මැටි භාණ්ඩ නිපදවීමේ ක්‍රියාවලියට සම්බන්ධ වුනෙමි. එහිදී තමා කැමති භාජනයක් තෝරගෙන එය සකපෝරුව ආධාරයෙන් සකස් කළෙමි. මින් පෙර එවන් මැටි භාජන නිපදවන ආකාරය මා රූපවාහිනිය තුළින් දැක තිබූ නමුත් එය කොතරම් අපහසු කටයුතු ද යන්න


ree


වටහා ගනු ලැබුවේ එම අත්දැකීම මා ලබාගැනීමෙන් පසුවය.ඉතා ඉවසීමකින් සහ සංයමයකින් යුතුව එම කාර්යය සිදුකල යුතු බව මා එකී අත්දැකීමෙන් වටහා ගතිමි.එමෙන්ම එසේ සකස් කරන භාණ්ඩ වියලෙන්නට තැබීමෙන් පසුව පෝරණුවකට දමා පුළුස්සා ගත යුතු යුතුය.එසේ පුළුස්සාගත් මැටි භාණ්ඩ අලංකාර කිරීම සඳහා කැටයම්, මුද්‍රා, සහ දියර චිත්‍ර යෙදීම යන ක්‍රම තුන භාවිතා කරනුලැබේ. එලෙස අලංකාර කරගැනීමෙන් පසුව මැටි භාණ්ඩයට හොඳ පෙනුමක් සහ එහි වටිනාකම වැඩි වේ. 




Report

အစီရင်ခံစာဘာသာစကား :

မြန်မာ

© 2025 Craft Kyushu

bottom of page